ප්‍රශ්න වලට විසඳුම් නොසොයා ප්‍රශ්න වලින් පලා ගොස් සොයල්ලෝ ම දිවි හානි කර ගත්තේ නම් අද ලෝකයේ කිසිදු මනුෂ්‍ය රුවක් දැක ගත නොහැකි වනු ඇත.ප්‍රශ්න නැති අයෙක් මෙලොව වාසය කරයි නම් ඒ ප්‍රාණය ඇති ජීවීන් නම් නොවේ.උපන් දා සිට මරණය තෙක් මිනිසා ප්‍රශ්න වලින් මිරිකෙමින් ජීවත් වෙයි.එය යි මේ ලෝක ස්වභාවය.එහෙයින් ප්‍රශ්නවලට නොපසුබට ව මුහුණ දිය හැකි ලෙසට තම මානසික ශක්තිය ගොඩ නඟා ගත යුතු ය.හිඟන පුද්ගලයාගේ සිට ධනවත් පුද්ගලයා දක්වා ම මේ ප්‍රශ්න කන්දරාව විවිධ ස්වරූපයෙන් තමා හමුවට එයි.එම සියළු ප්‍රශ්නයන්ට මුහුණ දීම තමයි ජීවිතය කියන්නෙ.ප්‍රශ්නවල කෙළවරක් අප සිහිනයකින්වත් නොදකිනු ඇත.නමුත් වර්තමාන මිනිසා ප්‍රශ්නවලට වෛර කරයි.එනිසා ප්‍රශ්න නොවිසඳා ඒවා දුර දිග යාමෙන් කර කියා ගත දෙයක් නොමැති ව අකාලයේ තම ජීවිතයට හානි පමුණුවා ගනියි.අද ලෝකයේ අසන්නට දකින්නට ලැබෙන සිය දිවි හානි කර ගැනීම යනු ඒ ජීවිත හානියේ උපරිම අවස්ථාව යි.
මොහොතක් සිතන්න.ඔබ ප්‍රශ්නවලින් පලා ගොස් සිය දිවි නසා ගත්තේ නම් එතනින් ප්‍රශ්නය කෙළවර වේ යැයි සිතනවා නම් එය තරම් අනුවණකමක් ලොව නොමැත.ඔබ සිය දිවි හානි කර ගනියි.නමුදු ඔබගේ අම්මා,තාත්තා,සහෝදර සහෝදරියන් ,අන් සමීපතමයන් දිනෙන් දින ඔබ සිහි කරමින් මැරි මැරී ජීවත් වනු ඇත.හදිසි තීරණයක් ගෙන ඔබ කරගන්නා ඒ අකුසල කර්මයේ බරපතළකම කීමට අවශ්‍ය නැත.සිය දිවි නසා ගැනීම්වලට හේතු අතර ප්‍රේම සබඳතා බිඳ වැටීම්,ආර්ථික අපහසුතා,මානසික ව්‍යාකූලත්වය,විරැකියාව,විභාග අසමත් වීම,අපේක්ෂා බිඳ වැටීම,මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ප්‍රධාන තැනක් ගනී.එවන් ප්‍රශ්න නිසා ගෙළ වැළලා ගැනීම්,ගඟේ මුහුදේ පැනීම්,කෝච්චියට පැනීම්,ඖෂධ අධික මාතාවෙන් ගැනීම්,වස බීම් ආදිය හරහා බොහෝ දෙනෙක් තම ජීවිතයට සමු දෙනු ඇත.
වර්තමානයේ මා දකිනා ලෙසට සිය දිවි නසාගැනීමේ රැල්ල බවට පත් වී තිබෙන්නේ ගෙළ වැළලා ගැනීම හා කෝච්චියට පැනීමයි.මේ රැල්ල බොහෝ විට දක්නට ලැබෙන්නේ තරුණ තරුණියන් අතර ය.එහි ඇති අමානුෂික ක්‍රියාව නම් තමා සිය දිවි නසා ගැනීම වීඩියෝ කිරීමයි මෙය කොතරම් අභාග්‍යසම්පන්න ක්‍රියාවක් ද?මැරෙන බව දැන දැනත් තමා සිදු කරගන්නා ඒ සිය දිවි නසා ගැනීම වීඩියෝ කිරීමට තරම් තරුණ සිත් එතරම් පහත් තත්ත්වයට පත් වන්නේ ඇයි?මෙයට හේතුව අන් කවරක් නො ව සමාජානුයෝජනයේ දුර්වලතාවය යි.තමාට පෙර සිය දිවි නසා ගත් අය ද ලියුමක් ලියා තබා ,සමාජ ජාලවල තම දුක ප්‍රකාශ කර,පසු ව සිය දිවි නසා ගැනීම වීඩියෝ කර තිබුණා නේද යැයි සිතමින් තමා ද එලෙස සිදු කළ යුතු යැයි යන බොළඳ අදහසින් තමා ද ඒ තත්ත්වයට ගොඳුරු වෙයි.මෙවන් පහත් තත්ත්වයකට මොවුන් පත් වී ඇත්තේ සමාජය හා ජන මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිසා නේද යැයි විටෙක සිතේ.ජන මාධ්‍ය හරහා සිය දිවි නසා ගැනීම් වාර්තා කිරීමේදී කිසිදු වාරණයක් සිදු නොකොට අමු අමුවේ ඒ අවස්ථාවල චායාරූප,වීඩියෝ දර්ශන ඉදිරිපත් කරයි.එනිසා තරුණ සිත් ඒවාට පෙළඹීම ප්‍රධාන වශයෙන් හඳුනා ගත හැකි ය.එවන් දර්ශන නිතර ඇසට පෙනෙන නිසා සිය දිවි නසා ගැනීම එතරම් බරපත ලෙස ඔවුන් නොදකිනු ඇත.මන් ද එය අද රැල්ලක් වී හමාර නිසා.එනිසා ප්‍රශ්නයක් ආ විගස ,දරා ගත නොහැකි වූ විට ම ක්ෂණික තීරණය වනුයේ සිය දිවි නසා ගැනීම බව ඔවුන් සිතනු ඇත.
ගණනය කිරීම්වලට අනුව වාර්ෂික ව ලෝකයේ මිනිසුන් ලක්ෂ 8 ත් 10 ත් අතර ප්‍රමාණයක් සිය දිවි නසා ගැනීම් සිදු කරගන්නා බව හඳුනා ගෙන ඇත.මේ තත්ත්වය තවත් උග්‍ර වීමට පෙර විසඳුම් සෙවිය යුතු ය.මානව සම්පත ආරක්ෂා කර ගැනීමට පාසල් මට්ටමින්,ප්‍රජා මට්ටමින් දැනුවත් කිරීම් සිදු කළ යුතු ය.සමාජ මාධ්‍ය හරහා පුහු දෑ ඉදිරිපත් කරනවාට වඩා ජීවිතයක් රැක ගැනීමට අවශ්‍ය මානසික සහනයක් ගෙන දෙන දෑ සමාජ ගත කරන්නේ නම් එය ඉතා අගනා වනු ඇත.තම ආගම දහමට යොමු කරවීම ,තම ප්‍රශ්න විසඳා ගැනීමට විවිධ ආයතන පිහිටුවා ගැනීම,ආර්ථික අපහසුතා ඇත්තවුන්ට උපකාර කිරීම ආදී වශයෙන් ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කෙසේ හෝ මේ අභාග්‍යසම්පන්න සිය දිවි නසා ගැනීම් රකුසාගෙන් වටිනා ජීවිත ආරක්ෂා කර ගත යුතු ය.තව දුරටත් මේ සිය දිවි නසාගැනීමේ නව රැල්ල අපේ සමාජ ගොඩබිමට පැමිණීමට ඇති ඉඩකඩ සියල්ල අහුරා දැමිය යුතු ය.එයයි අනාගතය වෙනුවෙන් අපේ වගකීම.ජාතියක් වශයෙන් ඉදිරියට යාමටනම් එම වගකීම අනිවාර්යයෙන් ඉටු කිරීම අපේ මනුෂ්‍ය වර්ගයාගේ සදාකාලික ජයග්‍රහණයක් වනු ඇත.
(2018/07/09)
(දිනිති හසින්තා)
(කැලණිය විශ්ව විද්‍යාලය)
Subscribe to:
Post Comments (Atom)
ජාතිවාදී පිළිලය
"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...

-
කෙමෙන් කෙමෙන් අඳුර ගලා ආවද ඒ ගැන කිසිදු තැකීමක් නොකොට සුද්දි සහ හාමිනා පාර දිගේ හෙමිහිට පියවර මැන්නේ තම නිවෙස් කරා යාමට ය.මඟ දිගට පාරේ හමු ව...
-
ආදරය කියන වචනෙ ඇතුළෙ ලොකු තේරුමක් තියෙනවා.ඒත් ඒ තේරුම ගොඩක් අය තේරුම් ගන්නෙ වැරදියට.ඒ හින්ද අද ගොඩක් දෙනා ආදරයට වෛර කරනවා. සමහරු ඒ හින්ද ...
-
ප්‍රශ්න වලට විසඳුම් නොසොයා ප්‍රශ්න වලින් පලා ගොස් සොයල්ලෝ ම දිවි හානි කර ගත්තේ නම් අද ලෝකයේ කිසිදු මනුෂ්‍ය රුවක් දැක ගත නොහැකි වනු ඇත.ප්‍රශ්...
No comments:
Post a Comment