"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේරුමක් තිබුණට මේ අපේ රටේ ඉන්න මිලි 20කට ආසන්න මානව ප්‍රජාව තුළ ජාතිවාදය යන සංකල්පය මුල් බැසගෙන තිබෙන ආකාරය හඳුනාගත හැකිය. එකම අහසක් යට,එකම දෙරණක,රතු රුධිරයට හිමිකම් කියන අප සියලු දෙනා අතර බෙඳීම කුමටද ? ලෝකෙන් උතුම් රට ලංකාවයි කියා කිව්වට ජාතිවාදයක් පවතින රටක් උතුම් විය හැකිද?ජාතිභේද,කුලභේද,ආගම් භේද හරහා වෙන් වෙන් වශයෙන් ජීවත් වන රටක් උතුම් නොවේ.එවන් තත්ත්වයකට පත්වීමට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ සමාජය පමණක් නොව සමාජ ජාලා ඇතුලු අනෙකුත් ජනමාධ්‍යයන්ය.
දරුවකු උපන් දා සිටම සමාජය විසින් ජාතිවාදය ඔලුවට දමන්නේ පරම්පරාගත චාරිත්‍රයක් වගේ.අන් ජාතීන් ආශ්‍රය කරන්න එපා කියා එවන් විෂබීජ දරුවගේ ඔලුවට දාන්නේ කවුද? සමාජය .මේ ආකාරයට සමාජයක මිනිසුන් සමාජානුයෝජනය වීමේ ගැටලු පවතී.එහිදී ජාතිවාදයට අනුගතව මිනිසා හැසිරෙන බව දැකගන්න පුලුවන් .ඒ වගේම සමාජ ජාලා,ජනමාධ්‍ය ආදිය හරහාද පතුරුවාලන ජාතිවාදය සුලුපටු එකක් නොවේ.මෑතකදී ශ්‍රිලංකාවේ මහනුවර ප්‍රදේශයේ ඇති වූ ජාතිවාදී අරගලය තව දුර දිග ගියානම් අද වන විට ශ්‍රිලංකාව තුළ මහා යුදගිනි ඇවිලෙමින් තිබෙනු ඇත. කිහිපදෙනෙකු අතර ඇතිවන එවන් ගැටුම් උග්‍ර වී ගියේ නම් අද අපේ රට නිදහස් රටක් නොවනු ඇත.යම් හේතුවක් මුල් කරගෙන මිනිසා,මිනිසා සමඟම සටන් වදිනුයේ කුමක් ලබා ගැනීමට දැයි නොසිතේ.
මිනිසුන් එකිනෙකා පොර කා ගන්නේ හරියට කැලේ සතුන් වගේ.බලය පෙන්වා අන් අය පාගා දැමීමට අවස්ථාවක් ලැබෙනවා නම් ඊට එහා දෙයක් නෑ.මහනුවර සිද්ධියේදී වුවත් ක්ෂණිකවම සිදුවූයේ එම ප්‍රශ්නය සමථයකට පත් කිරීමේ අනුබල නොවේ.එනම් එම ප්‍රශ්නය උග්‍ර කරවන දෑ තත්පරෙන් තත්පරය එළියට ආවේ සමාජ ජාලා හරහාය.ඒ නිසා සමාජ ජාලා තාවකාලික තහනමකට පවා ලක් වුණා.එය ඇත්තටම නිවැරදි දෙයකැයි මා සිතනවා.එසේ නොවුණි නම් එදා 30 වසරක යුද්ධය නිම කළ අපට අදත් එවැනිම යුධ පිටියක ජීවත් වීමට සිදුවනු ඇත.කිමද සමාජ ජාලා හරහා උසි ගැන්වීම් කරන ලද ඒ ජාතිවාදී ප්‍රචාර මිනිස් සිත කැළඹීමට පත් කළේ අසුරු සැනින් වීමයි.
එකම රටක වාසය කරන මිනිසුන් මෙවන් පුහු ජාතිවාදී ප්‍රශ්න මවා ගනිමින් රටේ නිදහස් ,නිවහල් භාවය නැති කිරීමට වෙර ගන්නේ ඇයි?මොහොතක් සිතන්න.අප ජාතිවාදී ප්‍රශ්න වගුරුවාලමින් එකිනෙකා අන් ජාති,ආගම්වලට අගෞරව කරන්නේ නම් අපේ අනාගත පරම්පරාව විශාල ප්‍රශ්නවලට මුහුණ දෙනු ඇත.ත්‍රස්තවාදී කල්ලි බලා සිටිනුයේ අප රට තුළ ගිනි ඇවිළෙන තුරුය.එවන් දෙයින් ප්‍රයෝජන ගැනීමට බොහෝ කණ්ඩායම් මාන බලමින් සිටී.ඒ නිසා ඔවුන්ට කිසිම ආකාරයකින් බුරුලක් නොදිය යුතුය.
රට තුල එවන් ප්‍රශ්න ඇති වූ විට සාකච්ඡා මාර්ගයෙන් සුහදශීලීව විසඳා ගැනීමට කටයුතු කළ යුතුය.නැතිනම් ජාතිවාදී ප්‍රශ්නය පිළිලයක් සේ සමාජය තුළ ගමන් කොට මුලු රටම මහත් විපතකට පත් වනු ඇත.නැවත යුධ ගිනි දැකීමට අප කැමති නැත.ඒ නිසා අන් ජාතීන්ට ගරු කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් හඳුනාගනිමින් එකිනෙකාට ප්‍රේම කළ යුතුය.රට තුළ ප්‍රශ්න ඇති නොවන ආකාරයට මේ ජාතිවාදය නම් පිළිලය සමාජයෙන් තුරන් කර දැමිය යුතුය .එවිට ජාති,කුළ,ආගම් භේද නොමැතිව ශ්‍රීලංකාව යන උතුම් නාමය ලෝකය තුළ බැබළවීමට හැකියාව ලැබෙනු ඇත.
(2018 / 08 /31)
(දිනිති හසින්තා)
(කැලණිය විශ්ව විද්‍යාලය )
Friday, August 31, 2018
Wednesday, August 22, 2018
මුල් ම වැටුපේ සොඳුරු ආස්වාදය
වර්තමාන සමාජය තුළ රැකියාවක් සොයා ගැනීම යනු අතිශය සංකීර්ණ ක්‍රියාදාමයකි. හේතුව ක්‍රමයෙන් වැඩිවන ජනගහණයේ අනුපාතයට සමගාමී ව රැකියා වෙළඳපොළ ඉහළ නොයාම ය. කොතරම් සුදුසුකම් තිබුණ ද රැකියාවක් සඳහා යොමු වීමේ දී ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වනු ඇත. වර්තමාන රැකියා ක්ෂේත්‍රයේ ස්වභාවය නම් එය යි. එනිසා රැකියා සඳහා අයදුම්පත් යොමු කරමින් අදාළ රැකියාවෙහි සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන ලෙස දන්වා එවන ලිපිය එනතෙක් ඇඟිලි ගනිමින් සිටිනුයේ නොඉවසිල්ලෙනි. පසුව කෙසේ හෝ තමාට එම රැකියාවට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණු දිනයේ කිරිබත් අනුභව කොට, දෙමාපිය ආශිර්වාදය ද ගෙන ,තමා අදහන ආගම සිහිකර ,සුබ නැකතින් එළියට බැස රැකියාව වෙත පිය මනිනුයේ අපමණ බලාපොරොත්තු පොදි බැඳගෙන ය.
එතැන් සිට තමා රැකියාවක් ලද ඒ ජයග්‍රහණය සමඟ දිනපතා සිත් බැඳි ආශාවෙන් රැකියාවට යනුයේ තම සිහින සැබෑ කරගැනීමේ සිහිනය දකිමිනි. තමා වෙහෙස මහන්සි වී දියුණුවේ මං පෙත කරා යන ඒ ගමනේ සුන්දර ම නවාතැන්පල වනුයේ තමාගේ මුල් ම වැටුප යි. මාසය අවසානයේ තම අතට හිමි වන ඒ පළමු වැටුප දෝතට ගන්නා විට දැනෙන සතුට වචනයට නැඟිය හැකිනම් කොතරම් අගනේ ද ? තම වැටුප තුළින් ඒ ලබන ආස්වාදය තමා ජීවිතයේ ලැබූ අමතක නොවන දිනයක හැඟීමක් වනු ඇත.
නමුත් වර්තමාන ලෝකය ජනප්‍රිය සංස්කෘතිය හා ගැටෙමින් ගමන් කරන නිසා අද බොහෝ දෙනෙක් තම මුල් ම වැටුප වියදම් කරනුයේ අනාගතයක් වෙනුවෙන් නම් නොවේ. ගෝලීයකරණය සමඟ අත්වැල් බැඳගත් අද තරුණ පිරිස තම පළමු වැටුපෙන් සොයනුයේ Smart Phone එකකි. එය යි අද සමාජයේ නවතම රැල්ල. මහන්සියෙන් ආහාර පිස බත් මුළක් ඔතා දී ආශිර්වාද කර තම දරුවා ව රැකියාවට පිටත් කර යවන අසරණ දෙමාපියන් ව එදිනට මතක් වනුයේ කීයෙන් කී දෙනාට ද? තම දරුවන් රැකියාව සඳහා ගොස් ජීවිතය දිනන ඒ අරමුණ ගැන හදවතින් ම සතුටු වනුයේ දෙමාපියන් පමණි. තම මුල් වැටුපෙන් දෙමාපියන් සතුටු වන යම් දෙයක් ගෙනාවේ නම් එය යි එම වැටුපේ සාධාරණත්වය. එහෙත් බොහෝ දෙනෙකුට අමතක වන කාරණය නම් එය යි.
තම දරුවන්ගේ මුල් වැටුපෙන් කිසිවක් බලාපොරොත්තු නොවුණ ද දරුවන් එම වැටුපෙන් යම් දෙයක් මිල දී ගෙන තමාට ගෙනැවිත් දුන්නේ නම් එදින දෙමාපියන්ගේ මුවඟට නැඟෙන ඒ සිනහව නම් කිසිදා මිලට ගනු නොහැකි වනු ඇත.එ නිසා තමා කොතරම් සමාජයේ ඉහළ තලයකට ගිය ද තමා හැදූ වැඩූ දෙමාපියන් ව අමතක කළේ නම් තම ජීවිතය ජය ගෙන කුමට ද ?
එ නිසා තමාගේ ජිවිතයේ ඒ ලැබූ පළමු වැටුපට සාධාරණත්වයක් ලබා දිය යුතුම ය. පළමු ව තම දෙමාපියන් වෙනුවෙන් අවම වශයෙන් ඇඳුමක්වත් ගෙනැවිත් දීම යුතුකමක් වනු ඇත. ඊට අමතර අනාගතය වෙනුවෙන් තම වැටුපෙන් යමක් කිරීම යහපත් වනු ඇත. තමා ලද ඒ මුදලින් සුළු ප්‍රමාණයක් අනාගතය වෙනුවෙන් වෙන් කළ යුතුම ය. එ නිසා බැංකු ගිණුමක් හෝ අරඹා එහි මුදල් ඉතුරු කිරීම ඔබගේ අනාගත ජීවිතයට මහඟු අස්වැසිල්ලක් වනු ඇත. එවිට කිසි දිනෙක තමාට පසුතැවීමට කාරණයක් ඉතුරු නොවනු ඇත.
එනිසා තමා මහන්සි වී හරි හම්බ කරගත් ඒ මුල් වැටුප අපතේ යා නොදී වැදගත් ,ප්‍රයෝජණවත් දෙයකට එය යොමු කිරීම වටිනේ ය. මුදල් යනු ජීවිතය ම නොවේ. එහෙත් ජීවත් වීමට නම් මුදල් අවශ්‍ය වනු ඇත. එනිසා තමාට ලැබුණ ඒ වැටුප Smart Phone එකකට ම නොදී ජීවිතයේ සමීපතම කාරණාවලට යොමු කිරීම යහපත් වනු ඇත. එ නිසා නිකරුණේ මුදල් වියදම් නොකර අනාගතය වෙනුවෙන්, තම දෙමාපියන් වෙනුවෙන් යමක් කළ යුතු ය. ජනප්‍රිය සංස්කෘතිය හා බැඳුණු පුහු දේවල් සමඟ ගැටෙමින් තම අනාගතය වෙනුවෙන් ඉදිවනඒ මාර්ගය අවහිර කර නොගෙන තම රැකියාවේ ආස්වාදය විඳිමින් ජීවිතය ගොඩ නඟා ගත යුතු ය. එ නිසා තමගේ මුල් වැටුප මෙන් ම පසුවට හිමිවන මාසික වැටුප් ද නිකරුණේ සිදී යාමට නොදී වැදගත් දෙයකට යොමු කර ,අනාගත ආයෝජනය කෙරෙහි අවධානය දෙමින්, කළමනාකාරිත්වයකින් එම මුදලට සාධාරණත්වයක් ඉටු කළ යුතු ය. එමගින් තම ජීවිතය සාර්ථක කර ගැනීමේ ඒ යහපත් ව්‍යායාමය කිසිදා අපතේ නොයනු ඇත.
( 2018 /08 /22 )
(දිනිති හසින්තා)
(කැලණිය විශ්ව විද්‍යාලය)

Monday, August 20, 2018
කාර්මීකරණයෙන් වැනසෙන ලෝකය...
වර්තමානයේ අප ජීවත් වන සමාජයේ මානව සම්පත් හා භෞතික සම්පත් දෙස අවධානය යොමු කිරීමේදී හඳුනාගත හැකි බොහොමයක් නව සංකල්ප පවතී. මීට අවුරුදු 40 කට පමණ පෙර කාලය සහ වර්තමානය අතර සංසන්දනාත්මක ව කරුණු සළකා බැලීමේදී එදා සහ අද දක්වා කාලය තුළ ලබා ඇත්තේ සාර්ථක දියුණුවක් ද? වර්තමානය තාක්ෂණය අතින් හිනි පෙත්තට ම නැඟ ඇත. එ නමුදු මනුෂ්‍ය වර්ගයා කායික සහ මානසික මෙන් ම ගුණාත්මක අතින් ද පිරිහීමක් ලබා ඇති බව වර්තමාන ලෝකය දෙස දෘෂ්ටිය යොමු කිරීමෙන් මනා ව පිළිඹිබු වෙයි.
අතීතයේ මිනිසා කිලෝමීටර් තුන හතරක් පවා පයින් ගමන් කර තම අවශ්‍යතා ඉටු කර ගන්නා ලදි. නමුත් අද තම පෞද්ගලික වාහනයෙන් හෝ මුදල් ගෙවා වෙනත් ආකාරයෙන් ප්‍රවාහන කටයුතු සිදු කර ගනී.දරුවන් පාසලට යාම, වැඩිහිටි ප්‍රජාව රැකියා කරා යාම හෝ වෙනත් අවශ්‍යතා ඉටු කර ගැනීමට පයින් ගමන් කරනුයේ 2 % ක් පමණ ය.
ඒ වගේ ම එදා ගෘහණියක් දෙස බැලූ විට මිදුල හා නිවස පිරිසිදු කිරීම ,ළිඳෙන් ජලය ඇද ගැනීම, මිරිස් ගල භාවිතය ,පොල් ගෑම ,වී කෙටීම, හාල් පෙළීම ,දර සපයා ගැනීම ආදී කටයුතු රාශියක් ඇය අතින් සිදුවිය. එම නිසා ඇයගේ මාංශ පේශිවල ක්‍රියාකාරිත්වය පවා හොඳින් සිදු විය.නමුත් වර්තමානයේ මේ සියලු කාර්යයන් තාක්ෂණික උපකරණ භාර ගෙන ඇත.ළිඳෙන් ජලය ඇද ගැනීම වෙනුවට ජල නළ භාවිතය ,යන්ත්‍රානුසාරයෙන් පොල් ගෑම ,වී කෙටීම ,හාල් පෙළීම සිදු කරන නිසා ගෘහණියගේ වැඩ කටයුතු පහසු වී ඇත.නමුත් ඇගේ ක්‍රියාකාරිත්වය ශුන්‍ය වී ඇත.
මේ ආකාරයට සියලු කාර්යයන් පහසුවෙන් කර ගැනීමට හැකියාව ලැබුණ ද මිනිසාගේ ක්‍රියාකාරිත්වය මේ නිසා ඇණ හිට ඇත.එනිසා ඔවුන්ට විවිධාකාර රෝග වැළඳීමේ ප්‍රවණතාවයක් වර්තමානයේ දැක ගත හැකි ය.කය වෙහෙසා කිසිදු කාර්යයක් නොකරන නිසා ශාරීරික රෝග වැළඳීම තුළින් මිනිසාගේ ආයුෂ ප්‍රමාණය ක්‍රමයෙන් පහළ යන බව වර්තමාන වෛද්‍යවරුන් විසින් ගණනය කිරීම් සිදු කර ඇත.
ඒ වගේ ම ආහාර පානවල එදා සහ අද සිදු වී ඇති වෙනස්කම් පිළිබඳ ව අවධානය යොමු කර බැලිය හැකි ය. එදා සෑම ගෙවත්තක ම එළවළු ,පලතුරු වවා තම ගෘහ පරිභෝජනයට ගත් අතර ඒවා අලෙවි කිරීම තුළින් ද නිවසේ ආර්ථිකයට වාසියක් ලැබුණි. නමුත් අද එවැනි තත්ත්වයන් දකින්නට ලැබෙන්නේ ද කලාතුරකිනි. අද මිනිසා ආහාරයට ගන්නා ආහාර පාන රසකාරකවලින් මිශ්‍ර ය. එමෙන් ම අද මිනිසාගේ පහසුවට ක්ෂණික ආහාරවලට නැඹුරු වීමේ ප්‍රවණතාවය ද ඉතා ඉහළ ය. එදා අල, බතල ,කොස් ආදී ආහාරවලින් කෑම වේල පිස ගන්නා ලදි. එදා කොස්වලින් වේලක් පිරිමසාගත්ත ද අද ගස් යට කොස් වැටී කුණු වී යයි. අටු කොස්, වැලි කොට අද දරුවන් පවා නොදන්නා දෙයකි. රසකාරක ආදිය දමා පිසූ ආහාර පාන ආදියට හුරු වූ අද බොහෝ පුද්ගලයන්ට දියවැඩියාව ,අධි රුධිර පීඩනය ,කොලෙස්ටරෝල් ආදී රෝග තත්ත්වයන්ට ගොදුරු වී ඇති බවක් දැකිය හැකි ය.
මීට අමතර ව කාර්මීකරණය වූ වත්මන් සමාජයක හඳුනා ගත හැකි අයහපත් ප්‍රතිඵලයන් එමට ය. පරිසර දූෂණයේ මූලාරම්භය වූ එක් අංශයක් වන්නේ පොලිතින්, ප්ලාස්ටික් භාවිතයට ගැනීම යි. අද ලෝකයේ සෑම භාණ්ඩයක් ම පොලිතින්, ප්ලාස්ටික්වලින් තොර නැත. එය අවසානයේ එකතු වනුයේ පරිසරයට ය. එය පරිසරයට මෙන් ම මනුෂ්‍ය ජීවියාට ද විශාල ගැටලු ඇති කරවන්නකි. පරිසර දූෂණයේ තවත් අංශයක් නම් ජනගහණයේ වර්ධනයත් සමඟ ඉඩම් කැබලි වීම යි. එ තුළින් වනගහණය අඩු වීමත් නිසා දුර්ලභ සත්ත්ව විශේෂ වඳ වීමත්, ගස් කැපීම ආදිය නිසා නායයාම් ආදී ස්වාභාවික විපත් රැසකට මුහුණ දීමට සිදු වී ඇත.
මේ ගැටලු කීපයක් පමණි.
මේ ගැටලු කීපයෙන් හෝ මිදීමට අපට කළ හැකි දේ නම් මිනිසාගේ ආකල්ප වෙනස් කිරීම යි.ක්ෂණික ආහාර ද්‍රව්‍ය ගැනීම අඩු කිරීම පොලිතින් භාවිතය අඩු කර ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගැනීම සිදු කළ හැකි ය. ගස් වැවීම වැඩි කර රසායනික පොහොර වෙනුවට කොම්පෝස්ට් වැනි පොහොර භාවිත කළ හැකි ය. පාසල් දරුවන්ට කුඩා කළ සිට ම මේ පිළිබඳ අවබෝධයක් ලබා දී නිවැරදි පිළිවෙත්වලට හුරු කිරීම කළ හැකි ය. මෙහිදී වත්මන් රජයට මේ සඳහා මැදිහත් වීම සිදු කරමින් ඒ සඳහා දායකත්වය ලබා දිය හැකි ය. එමඟින් කාර්මීකරණය තුළින් වැනසෙන අපේ ලෝකය ආරක්ෂා කිරීමේ උතුම් කාර්යයට අපිට ද දායක වීමට හැකියාව ලැබෙනු ඇත.
( 2018/ 08/ 20 )
( දිනිති හසින්තා )
( කැලණිය විශ්ව විද්‍යාලය )
Thursday, August 9, 2018
සංස්කෘතික මිථ්‍යාව
මව් කුසින් මෙලොවට පැමිණි අප සියලු දෙනා සිටිනුයේ එක අහසක් යට වුව,එක පොළොවක් මත වුව,ආශ්වාස කරනුයේ එක ම වායුව වුව මිනිසුන් සිතනුයේ එකිනෙකට වෙනස් ආකාරයට ය.එය නම් මානුෂීය ස්වභාවය යි.අප සැමගේ රුධිරය එක ම පැහැය වුව මිනිසුන් සමාජය තුළ ජාති,ආගම් ලෙස බෙදී වෙන් වී ගොස් ඇත.හැඩයෙන්,පැහැයෙන් ,ශරීර අංගයන්ගෙන් එකිනෙකා වෙනස් වුව ද අප සැම එක ම මනුෂ්‍ය වර්ගයකි.නමුදු අතීතයේ සිට ම මිනිසා සංස්කෘතිය හා යමින් කොටස් වශයෙන් බෙදී සිටී.සොබාදහමින් කළ බෙදීමක් නො ව මෙය නම් මිනිසාගේ සංස්කෘතික බෙදා ගැනීමකි.
" සංස්කෘතිය යනු මිනිසා විසින් ඉගෙන ගෙන, එක් රැස් කර ගන්නා වූත්, බෙදා හදාගෙන පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යනු ලබන අදහස්, උදහස් හා හුරුපුරුදු ය" මේ 1936 රැල්ෆ් ලින්ටන්ගේ විග්‍රහය යි.සංස්කෘතිය හා මිනිසා අතර පවතින්නේ අවියෝජනීය බැඳීමක් නිසා එයින් ගළවා ගැනීම පහසු නැත.සංස්කෘතිය හරහා අප කන බොන දෑ සිට අඳින, පළඳින ,ගමන් බිමන්,හැසිරීම ,කතා කරන විධි ආදී සියල්ල ගොඩ නඟා හමාර ය.එම සංස්කෘතියෙන් බැහැර ව හැසිරෙන්නේ නම් සමාජයේ හිමිවන පහත් තත්ත්වය ඔබ වුව අත් විඳ තිබිය හැකි ය.
මේ අතර කාන්තාව හා සංස්කෘතිය යන සංකල්පය අද බොහෝ දෙනා අතර අතීතයේ සිට ම කතාබහට ලක් වේ. සංස්කෘතිය හරහා කාන්තාව සීමාසහිත වපසරියකට කේන්ද්‍ර ගත කොටතිබෙනු දැක ගත හැකි ය. කාන්තාව යනු සංවර ව සිටිය යුතු, ඝෝෂාකාරී ව කතා නොකළ යුතු ,ගෙදර දොර වැඩ කටයුතු කළ යුතු කළ යුතු යැයි සමාජය තීරණය කර තිබීම කණගාටුවට කරුණකි. ඒ ආකාරයට බොහෝ දුක් ගැහට විඳීමට සිදු වන ඇයව සංස්කෘතිය යන යදම්වලින් බැඳ සමාජ ස්ථරය තුළ කොටු කර ඇත. මේවා සොබාදහම තීරණය කළ දේවල් නො ව මිනිසා ගොඩනඟා ගත් පුහු ආටෝපයන් ය.
කාන්තාවට ආර්ථිකය අතින් ශක්තිමත් වීම සඳහා රැකියාවක නියුතු වීම සමාජය එතරම් පිළි නොගන්නා දෙයකි. හේතුව ඇය නිවසේ වැඩ කටයුතු බලා ගැනීමට සිටිය යුතු නිසා ය. එ ය ඉතා ම අසාධාරණයකි. සංවර්ධනය වන රටකට එවන් දෑ විශාල බාධාවක් වුව ද සංස්කෘතියේ එල්බ සිටින මිනිසා එය වෙනස් කිරීමට සූදානම් නොවේ.තව ද කාන්තාවට සිදුවන අසාධාරණකම් ලෙස ඇතැම් සංස්කෘතික සමාජවල ගැහැණු දරුවන් ඉපදීම අවාසනාවකැයි සිතා ළදරු වියේදී ම ඔවුන් ව මරා දමන බව දැක ගත හැකි ය.තවත් ආගම්වල කාන්තාවන්ට සමාජයේ හිමි ස්ථානය ඉතා පහත් කොට ඇත.එ නිසා ඔවුන්ට තම ස්වාධීන තීරණ ගැනීමේ බලය අහිමි කොට ඇත.
තව ද සංස්කෘතිය හරහා ගොඩනගා ඇති කාන්තාවගේ විවාහය හා සම්බන්ධ දෑ කතාබහට ලක් විය යුතුම ය.විවාහයේ දී කන්තාවගේ කන්‍යා භාවය යන්න සංස්කෘතික වශයෙන් පිළිගන්නා අත්‍යන්ත අවශ්‍යතාවයකි. එහිදී විවාහයට පෙර කාන්තාව ලිංගික සබඳතා පැවැත්වීම තහනම් කොට ඇති නිසා විවහයට කන්‍යා හාවය බිඳී යැයි ඔප්පු වුවහොත් ඇයට ව්ඳීමට සිදුවන අපහාස, අවලාද එමට වනු ඇත. නමුදු පිරිමි පාර්ශ්වය විවාහයට පෙර ලිංගික සබඳතා පවත්වාඇතිදැයි තීරණය කිරීමට සාධක නොමැති නිසා ඔවුන්ට එවන් තහනමක් නොමැති නම් කාන්තාවට පමණක් සිදු කරන මේ අසාධාරණය කුමක්ද?
මෙතරම් විද්‍යාව, තාක්ෂණය දියුණු ලෝකයක තවමත් සංස්කෘතිය හරහා කාන්තාව අපහසුතාවයට පත් කරයි නම් ඒ ලබන දියුණුවෙන් කිනම් ඵලයක් ද? එනිසා සංස්කෘතික බෙදීම් ඉවතලා ජාතියක් වශයෙන් ඉදිරියට යාමට කාන්තාව ශක්තිමත් කළ යුතු ය. ශ්‍රි වාදය යන්න තහවුරු කොට කාන්තාව මේ සංස්කෘතික අසාධාරණකම්වලින් බේරා ගත යුතු ය. සමාජය තුළ සංස්කෘතියක් තිබිය යුතු ය. නමුදු හුදු මිථ්‍යාවන් රැසක් තුළින් කාන්තා පාර්ශ්වය ශාරීරික ,මානසික පීඩාවට පත් කිරීම යුක්ති සහගත නොවනු ඇත.
ඒ ආකාරයට මේ සංස්කෘතික බෙදීම නිසා වර්තමාන සමාජය ගැටුම් බොහොමයකට හේතු වී ඇත.කෙසේ හෝ මේ බෙදීම් දුරලමින් සංස්කෘතිය ආරක්ෂා කර ගනිමින් සමාජය තුළ ඉදිරියට යාමට කටයුතු කළ යුතු ය.නැතහොත් සංවර්ධනය කරා යන මේ ගමනට බාධා පැමිණෙනු ඇත.ඒ නිසා සංස්කෘතික ලැග්ම තුළ ම එල්බී නොසිට රටේ අනාගතය වෙනුවෙන් එකාවන් ව වැඩ කළ යුතු ය.එය යි අනාගතය වෙනුවෙන් අප සැමගේ වගකීම.
( දිනිති හසින්තා )
(2018/ 08/ 24)

Saturday, August 4, 2018
Exam භීතිකාවට තිත.
Exam කියන්නෙ අපිට අහල පුරුදු නැති දෙයක් නෙවෙයිනෙ.මේ Exam වලින් තමයි අපේ ජීවිතේ තීරණය වෙන්නෙ කියනව.ඒක හින්ද Exam වලට හොඳින් මුහුණ දෙන්න පුලුවන් විදියට අපි ඒකට සූදානම් වෙන එක තමයි තියෙන්නෙ.Exam කියන දේට කොයි වෙලාවකවත් බය වෙන්න එපා.
Stress ගන්නෙ නැතුව දැන් ඉඳන් ලැහැස්ති වෙන්න පාඩම් කරන්න.අපිට මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ කියනවනෙ.හිතට ගත්තොත් මං දැන් ඉඳන් පාඩම් කරනව කියල අපේ හිත ඒ අධිෂ්ඨානෙ වෙනුවෙන් අනිවාර්යයෙන් ම ලැහැස්ති වෙනව.ඒක තමයි අපේ හිතේ ස්වභාවය.අපි නොහිතුවට අපේ හිතට පුදුම බලයක් තියෙනව.ඒක හින්ද පාඩම් කරන්න කලින් හිතට කියන්න මං මේ ටික කොහොමහරි පාඩම් කරනව.ඒකට ශක්තිය ඉල්ලගන්න හිතෙන්.අනිවාර්යයෙන් හිත ඔයාට උදව් කරනව ආයෙ කතා දෙකක් නෑ ඒකෙ.
එක හින්ද මේ දැන් පටන් ගන්න.මට පුලුවන්, මං මේක ගොඩ දාගන්නවමයි කියල හිතා ගන්න.Try and try one day you can fly.ඔහොමත් කතාවක් තියෙනවනෙ.මේව ඇත්ත ඉතින් මේව තමයි යථාර්ථය.මේවයෙන් ප්‍රයෝජනයක් ගන්න අපි දැනගන්න ඕනි.අන්න ඒකයි ජීවිතේ කියන්නෙ.
Exam කියල බයේ දුක් විඳින්න ඕනි නෑ.එහෙම දුක් වුණයි කියල ලැබෙන දෙයක් තියෙනවද කියල ඔයාම හිතල බලන්නකෝ.ලැබෙන දෙයක් නෑ.ඒක හින්ද හැමදෙයක්ම අමතක කරල ගන්න අතට පොතක්.පොතට වැඳල එහෙම හිතට ගන්න මං මේකෙ සේරම පාඩම් කරනවමයි කියල. කරල ම බලන්නකෝ හිතට එන ඒ ශක්තියට මොනවද කරන්න බැරි කියල.
Don't worry.Exam is not our life
Exam එක වුණත් හිතේ සැහැල්ලුවෙන් කරන්න.Exam එකකට බෑ අපිව වට්ටන්න.වැඩිය හිතන් නැතුව ලැහැස්ති වෙන්න.වෙලාව මදි නම් පුලුවන් වෙලාවෙ හරි පුලුවන් ටික සුපිරියට පාඩම් කරන්න.ආයෙ බය වෙන්න දෙයක් නෑ එතකොට.එහෙනම් මේ පුලුවන් දවස් ටිකේ වැඩේ කොහොමහරි ගොඩ දාගමු.ඉලක්කයක් තියාගෙන වැඩ කරමු.වැඩේ අත ඇරෙන්න දෙන්න එපා.මේ හැම දෙයක් ම මතකෙ තියාගෙන වැඩ කරන්න.ඔබට ජය !!!!
(2018/08/04)

Tuesday, July 31, 2018
බොඳ වෙන සරසවි සිහින...
Image :-fos.cmb.ac.lk
දිනෙන් දින සිහින පොදි බැඳ ගනිමින් සරසවි සිහිනය සැබෑ කර ගැනීමේ කුළුඳුල් ප්‍රාර්ථනය සිත් තබා ගෙන කොතරම් පිරිසක් තම අධ්‍යාපනික පවුර ගොඩනඟන්නට ඇති ද? දෙමාපියන්ගේ යටතේ යැපෙමින් පාසල් මෙන් ම උපකාර පන්ති සඳහා වියදම් දරමින් අසහාය කැප කිරීමකින් ඔබ ද වෙහෙසෙන්නට ඇති.
දහසකුත් වූ පොත් පාඩම් කරමින් ,දහසකුත් කරුණු මතකයේ රඳවා ගනිමින්, දහසකුත් වූ විභාග වලට සහභාගී වෙමින් දිවා රෑ වෙහෙසෙන්නට ඇති.නමුදු කොතරම් කැප කිරීම් කරමින් මහන්සි වී අවසාන කඩ ඉමට පැමිණිය ද ඔබ අතරින් සරසවි සිහිනයේ සැබෑව දකිනුයේ අතළොස්සක් පමණි.වර්තමාන අධ්‍යාපන ක්‍රමය ගොඩනැගී ඇත්තේ එලෙස ය.මෙයට වග කිව යුත්තේ ඔබ නොව වර්තමාන අධ්‍යාපන යථාර්ථය යි.
දක්ෂයින්ගෙත් අති දක්ෂයින් තෝරන මේ අධ්‍යාපනික තත්ත්වය තුළ සරසවි වරම් නොලැබූ පිරිස අදක්ෂයින් නොවේ. ලකුණු එක හෝ දෙකට සරසවි වරම් අහිමිවන කෲර සමාජයක අධ්‍යාපනය ලැබීමට සිදු වීමයි එයට හෙතුව.කුඩා අතපසු වීමකට ඔබගේ ඒ සිහිනය බොඳ කර දැමිය හැකි තත්ත්වයට වර්තමාන අධ්‍යාපනය සකස් වී තිබීම අප සැමගේ අභාග්‍යයකි.කොතරම් ඉහළ ලකුණු ලබා ගත්ත ද විශ්ව විද්‍යාලවල පවතින සීමිත ඉඩ ප්‍රමාණයට පමණක් සිසුන් බඳවා ගැනීම නිසා කොපමණ සිසු පිරිසක අධ්‍යාපනය අතරමඟ නවතින්නේද? එනිසා දෙමාපියන්ගේත්, ඔබගේත් ඒ මහන්සිය අපතේ ගියාදැයි සිතමින් මානසික ව ඇද වැටෙන සිසු පිරිසට මේ යථාර්ථය තේරුම් කර දිය යුතු ය.
එ නිසා එම අධ්‍යාපනික ගැටලුවලට විසඳුම් සෙවිය යුතු ම ය. මේ සඳහා යෝජනා ඉදිරිපත් කරමින් අදාළ බලධාරීන්ගේ අවධානය ඒ කෙරෙහි රැඳවීම අප සැමගේ වගකීමක් වනු ඇත. තව තවත් විශ්ව විද්‍යාල ගොඩනංවමින් හෝ එම දරු පිරිසගේ උසස් අධ්‍යාපන ගමන් මඟ සකසා දිය යුතු ය. ඒ වගේ ම විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරග්න්නා පිරිස තවත් ඉහළ දැමිය යුතු ය. නමුත් වර්තමානයේ නම් දැකිය හැකි වනනේ ක්‍රම ක්‍රමයෙන් විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා පිරිස අඩු කරන බවක් ය. සුවිසල් තරඟකාරී විභාගයකට මුහුණ දී ඉහළ සාමාර්ථ ලබා පැමිණිය ද සරසවි වරම් අහිමි වීම තරම් කුරිරු අවස්ථාවක් තවත් තිබේ ද?
කෙනෙකුගේ ජීවිතයක තීරණාත්මක කඩ ඉමක් ලෙස උසස් පෙළ විභාගය හඳුන්වා දිය හැකි ය. සමහරෙක් පළමු අවස්ථාවේ දී සාමාර්ථ මදිකම නිසා දෙවන ,තෙවන අවස්ථාවලත් උසස් පෙළ කිරීමට තීරණය කරති. එහෙත් කෙතරම් ඉහළ සාමාර්ථ තිබුණ ද සරසවියට ඇතුළු වීමේ කඩ ඉම් ලකුණු සඳහා තම ලකුණු අඩු වීම කෙතරම් අවාසනාවක් වනු ඇති ද? අවුරුදු ගණන් වෙහෙසී ඉගෙනුම ලබා අවසානයට පැමිණිය ද සිහින බොඳ කරමින් තම අධ්‍යාපන ගමන එතනින් කෙළවර කිරීමට සිදු වනුයේ සියලු අපේක්ෂා බිඳ දමමිනි.
එනිසා මේ දරු පරපුරෙහි අනාගතය අඳුරු වීමට ඉඩ නොදිය යුතු ය. මේ දරු පිරිසෙහි සරසවි සිහිනය සැබෑ කරවීමට අත හිත දිය යුතු ය. වත්මන් ආණ්ඩුව සමඟ ගැටුම් ඇති කර නොගෙන සාකච්ඡා මාර්ගයෙන් සුහදශීලි ලෙස මෙවන් අධ්‍යාපන ගැටලු සඳහා විසඳුම් ලබා ගත යුතු ය. කෙතරම් බලාපොරොත්තු සිත් තබාගෙන උසස් අධ්‍යාපනයේ හිනි පෙත්තට ම නැඟ සාර්ථක ජීවිතයක් මල් පල ගැන්වීමට සිටින මේ අහිංසක දරු පරපුර කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කරවිය යුතු ය. ඒ සඳහා සාධාරණ යෝජනා ක්‍රම ඉදිරිපත් කරමින් හැකි පමණ මේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ට සාධාරණයක් ඉටු කළ යුතු ය. එය අප සැමගේ වගකීමක් වනවා සේ ම අනාගත අභිවෘද්ධියට ද මහඟු උපකාරයක් වනු ඇත.
"සිතට ගන්න යථාර්ථය මෙයයි කියා,,,
එකඟ වෙන්න අපහට ඉඩ නැතැයි කියා,,,
සතුටු වෙන්න ජය පැරදුම එකක් කියා,,,
සටන් කරල උත්සහ කර බලමු කියා...."
(දිනිති හසින්තා )
(කැලණිය විශ්වවිද්‍යාලය )
(2018/ 08 / 01)

Saturday, July 28, 2018
සුද්දිට වුණු හදියක්.( කෙටි කතාව )
කෙමෙන් කෙමෙන් අඳුර ගලා ආවද ඒ ගැන කිසිදු තැකීමක් නොකොට සුද්දි සහ හාමිනා පාර දිගේ හෙමිහිට පියවර මැන්නේ තම නිවෙස් කරා යාමට ය.මඟ දිගට පාරේ හමු වන දෑ පිළිබඳ ව කතා කරමින් යන අතරතුර,
"ඇයි දන් නෑ නේද අර ගලට යක්කඩුවා ගල කියන්නෙ? "
යනුවෙන් සුද්දි නැඟූ ප්‍රශ්නයට හාමිනා හනිකට බැලුවේ ඈතින් පෙනෙන ඒ යක්කඩුවා ගල දිහා ය.
"ආහ්....අපේ ආච්චිනම් කිව්වෙ ඒ කාලෙ ඔය ගල උඩ ඉඳගෙන යකෙක් අඬල තියෙනවලු.යකා අඬපු ගල හින්ද යක්කඩුවා ගල කියල හැදුනලු.
ඒ ගලේ ඉඳන් යකා අඬපු හින්දා ඒ ගලට පහළ ගමේ හිටපු මිනිස්සුන්ට ඒ බෙරිහන් දෙන එක අහන් ඉන්න බැරුව හැමෝම ගම දාල යන්න ගියා ලු. ඉතින් මිනිස්සු නැති හින්ද මුළු ගම ම පාලු වුණා ලු. ආන්න ඒක හින්ද තමයි එදා ඉදන් අපේ මේ ගමේ නම 'පාලුගම' වුණ යි කියන්නෙ. "
තමන් ඒ ගැන දන්නා නිසා හාමිනා ඒක කීවේ මඳක් ආඩම්බරයෙනි.
"යකෙක් ඇඬුවා? මෙහෙ කොහෙද යක්කු?"
යැයි අසමින් මහ හඬින් සිනාසෙමින් සුද්දි තම නිවසට යන ගුරු පාර දෙසට හැරෙන්නට වූයේ හාමිනාගෙන් සමු ගැනීමට ය.
"ඒක ඉතින් ආච්චිගෙන්ම අහන්න වෙයි"
මඳක් තරහෙන් කියමින් හාමිනා පාර අයිනේ පිහිටි තම නිවසට ඇතුළු විය.
ඉක්බිති ව සුද්දි තම නිවස කරා තනි ව පිය මැන්නේ ඉබි ගමනිනි.
ඇය නමින් සුගන්ධී නම් වුවත් බොහෝ දෙන ඇය ඇමතුවේ සුද්දි කියා ය.මනා ව පිරිපුන් ශරීරයක් මෙන් ම පැහැපත් පියකරු මුහුණකින් යුතු ඇය පාසල් විය ඉක්ම වූ විවාහ වයසේ පසුවන්නියක් වුව ද කෙළිලොල් ව සිටීමට ප්‍රිය තැනැත්තියකි.
ගුරු පාර දිගේ ගිය ඇය නිවසට ඇතුළු වූයේ අම්මේ යැයි හඬ ගා ගෙන ය.
"ආ... ආව ද?"
ඒ අම්මාගේ හඬ ය.
පසු ව කාමරයට ගිය සුද්දි දිය රෙද්දත් ඇඳගෙන පිටුපස දොරෙන් එළියට බැස්සේ සුපුරුදු පරිදි වත්ත පහළ ළිඳට ගොස් නා ගැනීමට ය.
"කොහෙද උඹ ඔය යන්නෙ?"
අම්මා ඇසුවේ වේළෙන්නට දමා තිබූ රෙදි තෙත් කෑමට පෙර හනිකට අතට ගන්නා ගමන් ය.
"දිය රෙද්දක් ඇඳන් මං වෙන කොහෙ යන්නද අම්මේ.නාන්න යනව"
කියා ඇය කීවේ බාල්දිය අතට ගන්නා ගමන් ය.
"මේ ගොම්මන් වෙලාවෙ? මං හැමදාම කියනව මේ යක්කු ගස් නඟින වෙලාවෙ එළි පහළියට යන්න එපයි කියල.උඹ නන් කියන දේ අහන එකියක් නෙවෙයි"
අම්මා බැණ වදින්නට වූයේ සුපුරුදු පරිදිය.
"යක්කු? අපෝ මම නන් බය වෙයි යක්කුන්ට.හරි හරි මං ඉක්මනට නාගෙන එන්නන්"
යැයි කියමින් සුද්දි වත්ත පහළ ළිඳ වෙත පියවර මැන්නා ය.
වෙනදා මෙන් සුපුරුදු සිසිල් ජලය ස්නානය කරමින් ගීතයක කොටසක් මුමුණන්නට වූයේ පාළුව මකා ගැනීමේ අරමුණෙනි.නාගෙන අවසන් වී ඇය වටපිට බැලුවේ කවුරුන් හෝ සිටිනවා ද යන්න බැලීමට ය.
කිසිවෙකුත් එහි නොවූ හෙයින් හනිකට දිය රෙද්ද උනා දමා ගෙදරට අඳින ගවුම ඇඳ ගත්තේ සිසිල් සුළඟ ඇඟ දැවටෙන ගමන් ය.
මුළු පරිසරය ම අඳුරින් වෙළා ගැනීමට වූයෙන් හනිකට තුවාය ගෙන කොණ්ඩය පිස දමමින් සුද්දී බාල්දිය අතට ගෙන පිටුපස හැරුණේ නිවසට යාමට ය. එතන තිබෙන පඩියට නගින විට ම ඇයට යම් තිගැස්මක් ඇති වූයෙන් හනිකට පිටුපස බැලූ ඇය දුටුවේ කළු ම කළු පූස් තඩියෙකි.
"මේ පූසා කොහෙන් ආව ද?හැටි විතරක් කලු ම කලු යි"
කියා පූසාට බැණ වදිමින් නැවතත් හැරී නිවස දෙසට එන්නට විය.නිවසේ පසුපස දොර ළඟ තිබූ රෙදි වැලෙහි දිය රෙද්ද වැනීමට රෙදි වැල යටින් යාමට සැරසෙන විට ම හනිකට ඈ නතර වූයේ යමක් මතක් වූ හෙයිනි.
එනම් රෙදි වැලක් යටින් රිංගා යෑම හොඳ නැතැ යි තම ආච්චී දිනක් තමාට පැවසූ බව සිහි වූ නිසා ය.අම්මා කියන දේ නෑසුව ද ආච්චීගේ බසට සුද්දි කුඩා කල සිට ම අවනත වූයේ පුරුද්දට මෙනි. පසුව පසෙකින් ගොස් දිය රෙද්ද වැලෙහි වැනූ ඈ අතෙහි වූ බාල්දිය එතන මේසය උඩින් තැබුවේ හනිකට නිවස තුළට ගොස් උණු උණුවේ තේ කෝප්පයක් බීමට ය.
නිවසට ඇතුළු ව දොර වැසීමට සැරසෙත් ම තමා දුටු දෙයින් ඈ බිරාන්ත වී ගියේ තමා දකින්නේ සිහිනයක්දැ යි සිතා ගත නොහැකි ව ය. එනම් ඈ දුටුවේ පිටුපස මිදුලෙහි පොල් ගසට පිටුපස සිට තමා දෙස එක එල්ලේ බලා සිටින කලින් ළිඳ ළඟ සිටි අර කලු පූසා ය. කලුවරේ සුද්දිට ඒ පූසා ව පෙණුනේ හොල්මනක් තමා දෙස බලා සිටින්නාක් මෙනි. මුළු ඇඟ ම හිරි වැටෙන්නාක් මෙන් දැනී ඇය හනිකට දොර වසා දමා තේ හදනවා පසෙක තබා කාමරයට දිව ගියේ විදුලි වේගයෙනි.
තම මව කුස්සියේ නොසිටි හෙයින් ඇය දිව ගියේ පූසෙක්ට බිය වී යැයි නිවසේ කිසිවෙක් නොදනී.
සිදු වූයේ කුමක් ද යන්න සිතා ගත නොහැකි තරමට ම ඇගේ සිත චංචල වීය.තම මවට ද කිසිවක් නොකියා සිටීමට සුද්දි තීරණය කළේ ඇය තමාට හොඳට දෙහි කපන බව දන්නා නිසා ය.තම ඇඟට ද යම් අමුත්තක් දැනෙන බව හැඟුණද එය අමතක වූයේ අර පූසාව මතක් වන නිසා ය.
"ඒ පූසා ළිඳට ගොඩාක් එහා ඉඳන් මගෙ දිහා බලන් හිටියෙ.ඒත් මං ආපු ටිකට ඌ කොහොමද එච්චර ඉක්මනට ගේ ළඟට ආවෙ.අනේ මන්ද ඒ කොහෙවත් යන පූසෙක්ට මං මොකට බය වෙනවද?මටත් පිස්සු."
යැයි තමාට ම කියා ගනිමින් කුස්සියට ගියේ අම්මා කෑම කන්න යැයි කියා කෑ ගැසීමට පෙර ය.කෑම පිඟාන ගෙන සාලයට විත් බත් කෑමට පටන් ගත්ත ද බත් කටවල් දෙකකට වඩා කෑමට නොහැකි වූයේ ඇයට ඔක්කාරයට මෙන් ආ නිසා ය.හනිකට පිඟාන ද ගෙන කුස්සියට දිව ගිය ඈ පිඟාන පසෙක තබා වතුර බීගෙන බීගෙන ගියේ දවස් ගාණකින් පිපාසයෙන් සිටි අයෙකු මෙනි.
"හෙමිහිට කන්න බෑනෙ මේ ළමයට කාගෙන කාගෙන යනව."
යැයි පවසමින් අම්මා ද කුස්සියට පැමිණියේ සුද්දිට කුමක් වූයේ දැයි බැලීමට ය.
"වමනෙට වගෙ ආවනෙ.අද නන් කන්න බෑ වගෙ අම්මා.හරි අමාරුයි"
කියමින් සුද්දි කාමරයට ආවෙ මවගේ බැණුම්වලින් කන පිරෙන ගමන් ය. කාමරයට ආ සැණින් ඇය ඇඳට වැටුණේ ඇඟ නිකන් තළා පෙළා දැම්මාක් මෙන් ඇයට දැණුනු නිසා ය.වෙනදාට රෑ එළි වෙනතුරු ඇහැරගෙන නව කතා පොතක් කියවන ඇය අද වේලාසනින් ම නින්දට ගිය වගක් අම්මා දැනගත්තොත් තව මගඩියක් යැයි වැටහුණු හෙයින් හනිකට ඇඳෙන් නැගිටීමට තැත් කළ ද , පුදුමයකි ඇයට නැගිට ගැනීමටවත් පණක් නොවුණි.
"මේ මොකද කවදාවත් නැතුව අද වේලාසනින් ම නිදි?"
ඇය සිතූ පරිදි ම අම්මා කාමරයට විත් විමසුවේ සැක මුසු මුහුණක් ආරූඪ කර ගනිමිනි.
"මුකුත් නෑ අම්මෙ.අද කඩ පොලේ ඇවිදල ඇවිදල මහන්සියි වගෙ.ඇඟට හරි නෑ.අම්මෙ බලන්න මට උණ ගැනෙන්නවත් එනවද කියල"
කියමින් අමාරුවෙන් මුහුණ මව දෙසට හැරවූයේ ඇස් දෙක ම තද කරගෙන අමාරුව වසන් කර ගනිමිනි.සුද්දිගේ නළලට අත තැබුවා පමණි.
"උණ? උණ නෙවෙයි සහලවලා උණ"
එහෙම කියාගෙන අම්මා,
"සුද්දිගෙ තාත්තේ මෙහෙ එන්නකො විගහට.මේ ළමයට හොඳටම උණ.ඉක්මනට වෙද මහත්තයව එක්කගෙන ආවනන් හරි"
තාත්තා දුවගෙන කාමරයට ඒමටත් පෙර අම්මා කෑ ගැසුවා පමණයි සුද්දිට මතක.
සිහි සුන් වී සිටි සුද්දි පියවි සිහියට ආවේ වෙද මහතාගේ අත් බෙහෙත්වල ගුණයෙනි.
"මේ දැරිවිට දැන් කොහොමද? මුකුත් අපහසුවක් ඇඟට දැනෙනවද?"
වෙද මහතාගේ ඒ ගොරහැඬි කටහඬට සුද්දිට වචන මතක් වූයේ ද නැත.
"හිසේ රුදාව තමයි.අම්මෝ දෙමෝලෙන් පිටි කොටන්නා වගෙයි.කටත් තිත්ත යි.ඇඟටත් හරි අමාරුවක් දැනෙනව"
සුද්දි කටහඬ අවඳි කළේ තමා කළු පූසෙක් දැක්ක කතාව කියවෙයිදෝ යන බියෙනි.
"හවස් යාමෙ නාන්න ගිය යි කිව්වා නේද?"
එය ඇසීමෙන් සුද්දිට පසක් වූයේ අම්මා සිදු වූ සියල්ල වෙද මහතාට පවසා ඇති බව යි.එහෙත් කතාවේ ඉතුරු හරිය දන්නේ සුද්දී පමණකි.
"හවස් යාමෙ ගෑණු ළමයි ඔහොම නාන්න යනවද? ඒවා සුළුවට ගන්න හොඳ නෑ.තනිකම් දෝස හැදෙන්න පුළුවන්.ඒව ටිකක් මතක තියාගෙන වැඩ කරනවනන් හොඳා."
අම්මා ද සුද්දි දෙස රවා බැලුවේ වෙද මහතාගේ කීම නිවැරදි බව තහවුරු කිරීමට ය.වෙද මහතා තනිකම් දෝස ගැන කියූ විදියට සුද්දිට බියක් ඇති විය. ඒ වගෙ ම අර කලු පූසා කලු කුමරයා වත් දැයි ඇයට සිතුණේ දිනක් ආච්චි ඇයට කියා දුන් කතාවක එවැනි දෙයක් තිබුණා යැයි මතක් වුණු හෙයිනි. එනිසා ඇයට මවට සිදු වූ සියල්ල කීමට වුවමනා වුවත් වෙද මහතා දැන් කසාය තුණ්ඩුවක් ලියා දුන් නිසා ඒක බීව ම සේරම හරි යයි ලෙස සිතා සුද්දි නැවත නින්දට වැටුණි.
වෙද මහතාට දිය යුතු ගතමනා දී සුද්දිගේ අම්මා වෙද මහතාට සමු දුන්නේ,
"දූලගෙ තාත්තේ වෙද මහත්තයව ගිහින් ඇරලවලා ආවානන් "
යැයි පවසමිනි. පසුව සුද්දිගේ තාත්තාට ඇය කසාය තුණ්ඩුව දුන්නේ සියාතු රාලහාමිගේ කසාය කඩය වසා තිබුණ ද උන්දෑට කතා කොට කඩය ඇරවගෙන අවශ්‍ය කළ මනා ගේන ලෙස යි.ඉක්බිති සුද්දිගෙ තත්තා පිට ව ගියේ සුද්දිව බලාගන්න යැයි ඇයට පවසමිනි.ඔවුන් පිට ව ගියාට පසු සුද්දිගෙ අම්මා වෙද මහතා බී ඉතිරි කොට තිබූ වතුර කෝප්පය ගෙන කුස්සියට ගොස් ඒක තබා නැවත කාමරයට පැමිණ නින්දට වැටී සිටි සුද්දී ළඟට පැමිණ පොරෝණය ගෙන සුද්දිගේ ඇඟට දැමුවාත් සමඟ ම,
"කලු පූසෙක් අනේ කලු පූසෙක්.දොර වහන්න ඉක්මනට.අයියෝ.එන්න දෙන්න එපා.ඌ බලන් ඉන්න්ව.මාව කන්න එන්නෙ "
ගාගෙන සුද්දි කෑ මොර දෙන්නට විය.ඒ කෑ ගැසීමට අහළ පහළ මිනිස්සු ද සුද්දිගේ නිවසට දුවගෙන ආවේ කරදරයක් වුණි දැයි බැලීමට ය.බියට පත් වූ සුද්දිගේ අම්මා ඉක්මනින් වතුර කෝප්පයක් සුද්දිට පොවා ඇයගේ නළලට දමා තිබූ පාංකඩය ගෙන නැවතත් වතුරෙ පොඟවා නළලෙන් තබා සිදු වුණු දෙය මුල සිට අසල්වැසියන්ට පැවසූවේ ඔවුන් ද තෘෂ්ණිම්භූත ව සුද්දී දෙස බලා සිටි හෙයිනි.
මඳ වේලාවකට පසු වෙද මහතාව නිවසට ඇරලවා නිවසට පැමිණි සුද්දිගේ තාත්තා ද කාමරයට දිව ආයේ කාමරයෙන් නැගුණු ඝෝෂාව නිසා ය.
සිදු වූ දේ දැනගත් සුද්දිගේ තාත්තා කීවේ,
" පූසෙක් ගැන කිය කියා කෑ ගැහුවේ නම් මේක මායම් ලෙඩක්.මේක බල බල ඉඳල හරියන්නෙ නෑ.ගොඩ පිළිවෙතක් කරන්න වෙනවා"
යැයි පවසා තමා කිරවා ගෙන ආ කසාය ටික සුද්දිගේ මවට දී වහා ම ගියේ ගුරුන්නාන්සේ හමු වී සුද්දිගේ කේන්දරය බලවා ගැනීමට ය. පසුව ගුරුන්නාන්සේට කන්නලව් කොට ඔහුව ඇහරවා කෙන්දරය බැලීමට දුන්නේ තම දියණියගේ රෝගය දැන ගැනීමේ නොඉවසිල්ලකිනි.
"කලු පූසෙක් දැකපු එකත් නරක දෙයක්.කේන්දරේ විදියට කුජ හොදටම දුර්වල වෙලා තියෙන්නෙ.මේ දැරිවිට කලු කුමාර දෝසයක් ඇවිත් තියෙනව වෙන්න පුලුවන් . විගහට පිළියමක් කරනවනන් හොඳා.නැත්තන් බරපතළ වෙන්න පුළුවන්"
අවසානයේ පසු දින රාත්‍රියේ ම ඇයගේ කළු කුමාර දෝසය ඉවත් කිරීමට තොවිලයක් ලක ලෑස්ති විය.එදින උදෑසන සිට ම සුද්දිගේ උණය අඩු වුණේ නම් නැත.විකාර දේවල් දොඩවමින් නිතරම කලු පූසා ගැන කියමින් කෑ මොර දෙන්නට වූයේ කලු කුමාර දිෂ්ටිය ඇයගේ ශරීරයට වද දෙනවා යැයි සුද්දිට සිතුණු නිසා ය.
Image - Sinhalamag.com
සුද්දිගේ යාලුවා වූ හාමිනාට ද මේ පුවත එදින ආරංචි වී ඇය ද සුද්දිගේ නිවසට ගියේ සුද්දිව බැලීමට ය. කලු කුමාර දෝසය කියන්නෙ කුමක්දැයි සැක හැර දැන ගැනීමට හාමිනාට අවශ්‍ය වූ හෙයින් ඇය සුද්දිගේ ආච්චි ඉඳගෙන සිටි තැනට ගොස් වාඩි වූයේ ඒ බව දැන ගැනීමට ය.
"ආච්චි සුද්දි ඉන්නව ද?"
යැයි හාමිනා ආච්චිගෙන් ඇසුවේ සුද්දිව බැලීමට හැකිදැයි දැන ගැනීමට ය.
"අනේ පුතේ සුද්දිනන් දැන් නිදි.තව ටිකකින් ගිහින් බලමුකො.පුතාට ආරංචි වුණා නේද වෙච්ච දේ? "
යැයි ආච්චී හාමිනාගෙන් ඇසුවේ ඇඳ සිටි චීත්ත රෙද්දෙන් මුහුණ පිසින ගමන් ය.
"ඔව් ආච්චි.ඒත් සුද්දි මාත් එක්ක ඉඳල ගෙදර ගියා විතරනෙ.එක පාරටම මෙහෙම වුණේ කොහොමද? මොකක්ද ආච්චි මේ කලු කුමාර කතාව?"
හාමිනා ප්‍රශ්න කළේ ඒ ගැන දැන ගැන්මට තිබූ උනන්දුව හෙයිනි.
ආච්චී හරි බරි ගැහී උත්තර දෙන්නට ලෑස්ති වූයේ හාමිනා ද එය දැන සිටීම වැදගත් නිසා ය.
"ඉස්සර උතුරුකරේ කියල දිවයිනක් තිබ්බා.එහෙ හිටියෙම ලස්සන ළමිස්සියො ටිකක් විතරයි.එක පිරිමි පරාණයක්වත් ඉඳල නෑ.ඉතින් මේ ළමිස්සියොත් පිරිමියෙක් දකින්න ආසාවෙන් හිටියෙ.ඔන්න ඔය අතරෙ කර දඬු උස් මහත් වෙච්ච ගැටවර කොල්ලෙක් එහෙට ඇවිත් තියෙනවා.අර ළමිස්සියො ටික මේ කොල්ලව දැකල ඒ කොල්ලව ඕනෙ කියල ඒ කොල්ලවත් තියාගෙන පොර කන්න පටන් අරන්.පස්සෙ ඒ කොල්ලට ඒ පීඩා ඉවසගන්නම බැරි වෙලා.ඒ හින්දා එයා මේ ස්ත්‍රී සංහතියෙන් ම පලි ගන්නවයි කියල හිතාගෙන තියෙනවා.අන්න ඒ පිරිමි පරාණෙ තමයි අද මේ කලු කුමාරයා වුණ යි කියන්නෙ."
කියා ආච්චී උගුර පෑදුවේ එක හුස්මට කතාව කියාගෙන ගිය හෙයිනි.
"එතකොට ආච්චි එයා කොහොමද සුද්දිට කරදර කළේ? "
හාමිනා ප්‍රශ්න කළේ සුද්දි සහ කලු කුමාරයා අතර සම්බන්ධය දැන ගැනීමට ය.
"ආහ්...අපේ එකී කියන දේ අහන එකියක් නෙවෙයිනෙ.අම්මා එපා කියද්දිම ගොම්මන් වෙලාවෙ තනියම ළිඳට ගිහින්නෙ.කොච්චර කියල තියෙනවද ගොම්මනේ නාන්න යන්න එපා කියල.ඔය ගිය වෙලේ තමයි ඔහොම බය වෙලා තියෙන්නෙ.හාමිනා දුව එහෙම ඕවගෙ වැඩ කරනව නෙවෙයි.පුළුටු මස්,තෙල් කෑම කාල එහෙමත් අවේලාවෙ එළි පහළියට යන්න හොඳ නෑ .කලු කුමාර දෝසෙ එන්නෙ ඕවගෙ තැන්වල අවේලාවෙ ගියා ම තමයි.තේරුණා ද?"
යැයි සුද්දිගේ ආච්චි ඇසූ දෙයට හාමිනා පිළිතුරු දෙන්නට වචන මිමිණුවේ ඇය කලු කුමාරයා ගැන අසා ඒ ගැන සිතමින් සිටි හෙයිනි.
"ඔ...ව් ,,,ඔ....ව් ආච්චි" යැයි ගොත ගසමින් පවසා ආච්චිගෙන් සමු ගැනීමට හාමිනා පුටුවෙන් නැගී සිටියේ හවස් වීමට පෙර ගෙදර යාමට සිතුණේ කලු කුමාරයාගේ කතාවට බිය වූ හෙයිනි.
"මං ගිහින් රෑට අම්මත් එක්ක එන්නන් ආච්චි"
කියමින් හාමිනා සුද්දිව රෑට ම ඇවිත් මුණ ගැසෙනවා යැයි සිතා යන්නට ගියා ය.
රාත්‍රිය උදා විය.සුද්දිගේ කලු කුමාර දෝසය නැති කිරීමේ තොවිලයට අවශ්‍ය සියලු කළ මනා සූදානම් විය.ගැහැණු අය දෙදෙනෙක් තුන් දෙනෙක් තොවිලය බැලීමට ආවා මිස ඉතුරු පිරිස ම පිරිමි අය විය.හේතුව කලු කුමාරයාගේ දිෂ්ටිය සුද්දිගෙන් ඉවත් වී අන් ගැහැණු කෙනෙක්ට ඒ දිෂ්ටියේ බැල්ම වැටෙයි කියන බිය නිසා ය.
මධ්‍යම රාත්‍රිය උදා වෙද්දී පහන් පැල්වල පහන් දල්වා ගුරුන්නාන්සේ යමක් මතුරන්නට විය.
ගුරුන්නාන්සේ ඉදිරිපිට සුද්දිව වාඩි කරවූයේ සුදු රෙද්දකින් ඇඟ වසා ය.තවමත් සුද්දිගේ දෙඩවිල්ල අහවර වී නැත.එනිසා උණ විකාරෙන් දොඩවන සුද්දිගෙන් ප්‍රශ්න කීපයක් ඇසූ ගුරුන්නාන්සේ,,
"ඔය කෙල්ලව කවුරුහරි දෙන්නෙක් ඇවිත් අල්ලගනිල්ලා.අනිත් එවුන් පැත්තකට වෙලා හිටපල්ලා"
කියා මල් බුලත් තට්ටුව ගෙන අමු කහ කෑල්ලක අතුල්ලන ලද සුදු නූලක් ගෙන ඊට දුම් අල්ලමින් නාගපාසාව මතුරන්නට පටන් විය.
සුද්දිගේ අම්මා සහ සුද්දිගේ නැන්දා කෙනක් විත් සුද්දිව හොඳින් අල්ලා ගන්නා ලදි.ගුරුන්නාන්සේ යාතිකාව පටන් ගත්තේ හොඳ හුස්මක් ඉහළට ඇද පහත දමමිනි.
"ඕං නමෝ අෂ්ට බන්ද අෂ්ට භෛරවා බන්ද - ඊශ්වර භෛරවා බන්ද, විෂ්ණු බන්ද , විෂ්ණු භෛරවා බන්ද - කන්ද කුමාර බන්ද - කන්ද කුමාර භෛරවා බන්ද - නාග බන්ද - නාග කුමාරයා බන්ද - කළු කුමාර දේවතාවා නාග පාසාවෙන් බන්ද බන්ද ඒස්වාහඃ "
පසු ව ජප වූ ඒ නූලේ හත් පටට ගැට හතක් ගසා ගැටේට හත් වරක් බැගින් මතුරා සුද්දිගේ ගෙළෙහි බඳින ලදි. එය බැන්ඳායින් පසු ව තිගැස්මක් සමඟ සුද්දිගේ දෙඩවිල්ල නතර වූයේ හාස්කමකින් මෙනි.
"කෝ අනිත් කළමනා ටික ගෙනෙන්"
ගුරුන්නාන්සේගේ කීමට අවශ්‍ය දෑ ලැබුණි.
සුද්දි ඇස් දෙක පොඩි කරගෙන මේ සියල්ල බලා සිටිද්දී ඇය දුටුවේ කලු කුමාරයා මෙන් ලොකු බඩක් තියෙන,කලු පාටට ඇඳුමකින් සැරසුණු කෙනෙක් සහ ගුරුන්නාන්සේ තමා ඉදිරිපිට සිටින බව යි.ඒ දෙදෙනාගේ සංවාදය සුද්දිට හොඳින් ඇසුණි.
" උඹ කවුද ? "
"මං කලු කුමාරයා"
"උඹ මොනවද මෙයාට කළේ ? "
" මං මෙයා නාන්න ගිය වෙලේ මෙයාව බය කළා "
"ආහ් එහෙමද ? එහෙනම් උඹේ කාරිය දැන් අහවර යි. උඹ දැන් මෙහෙ හිටියා ඇති. උඹගෙ පිදේනිය මෙන්න.මේව අරන් උඹ මෙයාගෙ ඇඟෙන් දැන් ම යන්න ඕනෙ."
" නෑ මං යන් නෑ. මෙයාගෙ ඇඟට ම වෙලා ඉන්නව."
"උඹ යන් නැත්තන් උඹ ව යවන විදියත් මං දන්නවා"
" ඒ කොහොමද එහෙම යවන්නෙ? ".
" මං මහා වෙසමුණියා ගෙනල්ලා උඹව යවන්නෙ"
ආදී ලෙස දෙදෙනාගේ සංවාදය ඇසී සුද්දීගේ සිතෙහි බිය පහ වූයේ ගුරුන්නාන්සේ කලු කුමාරයාව එළවා දමන බවට ඇති වූ විශ්වාසය නිසා ය.
Image - Citizen.lk
අවසානයේ කලු කිකිළියගෙන් ගත් බිත්තරයක් ද ගෙන ,සුද්දිගේ ඇඟිල්ලකින් ගත් ලේ ටිකකින් කලු කුකුළු පිහාටුවක් පුළුස්සා ඒ අළු අනා එයින් ගැහැණු රුවක් ඇන්ඳේ ය.
පසු ව සුද්දිට වැහී තිබූ කලු කුමාර බැල්ම බිත්තරයට ගෙන සොහොනකට ගොස් එය බිඳ දමා දිෂ්ටිය පහ කරවූයේ සුද්දිට ද සුවය ලබා දෙමිනි.
මඳ වෙලාවක් කෙඳිරි ගාමින් සිටි සුද්දි පියවි සිහියට ආවේ ඇස් දෙක ලොකු කරමින් වටපිට බලමිනි.සිදු වූයේ කුමක්ද යන්න සිතාගත නොහැකි ව තමා ළඟ සිටි අම්මාට තුරුල් වූයේ "අනේ අම්මේ" කියමිනි.
අම්මා සුද්දිගේ ඔලුව අත ගෑවේ සේරම හරි යැයි පවසන්නාක් මෙනි.
එදින සිට නම් කිසි දිනෙක ගොම්මන් යාමයේ නාන්න නොයන බවට සුද්දි පොරොන්දු වූයේ ඉඳගෙන සිටි පැදුර අකුළමින් සිටි තමාගේ අම්මාට ය.
"මං කියන දෙයක් කණකට ගත්තනන් මෙහෙම දෙයක් වෙන් නෑනෙ.කොහෙද ඉතින්.මේ කණෙන් අහල මේ කණෙන් පිට කරනව.එච්චරනෙ කරන්නෙ."
නැවතත් අම්මාගේ දෙහි කැපීම ආරම්භ වූ බවක් හැඟුණු නිසා සුද්දි හෙමීට එතනින් මාරු වී නිවසට ගියේ සිදු වූ දේ කල්පනා කර සිත සනසවා ගැනීමට ය.
******අවුරුද්දකට පසු******
"අද සුද්දි කසාද බඳින දවස.අපි මේ එහෙ යන්න ලැහැස්ති වෙන්නෙ"
සුද්දිගේ යාලුවා වන හාමිනා එහා ගෙදර රේණු අක්කාට කියයි.
"ආහ්,,,එහෙම ද? එහෙනන් සුද්දි ඉවසුමක් නැතුව ඇති මනමාලයගෙ ගෙදර යන්න.මේ වෙලෙන් එගොඩහනෙ මනමාලයගෙ ගෙදර තියෙන්නෙ.එහෙමයි ආරංචි. එහෙ ලස්සන ගඟක් එහෙම තියෙනවයි කිව්වෙ."
යැයි රේණු අක්කා කියන්නට විය.
රේණු අක්කාගේ බස් ඇසුණු හාමිනා,,,
"ආහ් ඕප දූපෙ එයාගෙ කණටත් ගිහිල්ලා.ගඟක් නෙවෙයි අප්පා ඒ ඇළක්"
ලෙස හීන් හඬින් තමාට ම කියගත්තේ ගමේ ගෑණුන්ටත් ඕනෙ නැති ඕප දූපයක් නෑ යයි සිතමිනි.
"නෑ නෑ එහෙ ඇළක් තියෙන්නෙ අක්කෙ.මමනන් බලන්න ගියා.මොකද මනමාලි බඳින්න කලින් මනමාලයගෙ ගෙදර යන්න හොඳ නෑ කියනවනෙ.ඒක හින්ද සුද්දිට යන්න හොඳ නැති හින්ද එයාලගෙ ගෙදර අයත් එක්ක මං ගියා එහෙ.ඇවිත් සුද්දිට එහෙ විස්තර කිව්වා.එයත් අර ලස්සන ඇළ බලන්න යන්න පුදුම ආසාවෙන් ඉන්නෙ.ඉතුරු විස්තර ටික මං මඟුල් ගෙදර ගිහින් ඇවිත් කියන්නන්කො අක්කෙ."
කියමින් හාමිනා හනිකට එළියට බැස්සේ සුද්දිගේ මඟුල් ගෙදර යාමට පරක්කු වී ඇති යන බියෙනි.
පසුව මඟුල් ගෙදර වැඩ කටයුතු සියල්ල අවසන් වී සුද්දිගේ පවුලේ අය ඇයට සමු දී නිවෙස් කරා ගියේ සුද්දි නැති අඩුව ගැන දුක් වෙමිනි.
"කෝ සුදු අයියෙ අර ඔයාලගෙ ගෙදර තියෙනව කියල කියපු ඇළ? අනේ අපි යමුද බලන්න?"
සුද්දි ඇහුවේ තමාගේ හිමිකරු වූ සුමුදු අයියාගේ අතෙන් අදිමින් හුරතල් වෙමිනි. සුදු අයියා යැයි ඔහුට කීවේ ආදරේට මිස ඔහු සුදු නැති බව ඇය දනී.
" ආහ්,,ඒ ඇළ තියෙන්නෙ ගේ පිටිපස්සෙ.දැන් හවස් වෙලානෙ සුද්දි.අපි හෙට උදේ ම යමුකො ඒක බලන්න"
යැයි සුදු අයියා කීවේ අඳුර වැටෙන්න ඔන්න මෙන්න නිසා ය.
"හ්ම්ම්ම්"
කියා සුද්දි ඒකට හුමිටි තිබ්බේ තමා සමඟ අමනාපයෙන් යැයි සුදු අයියාට සිතුණු නිසා ,,,
"යමු එහෙනම් ඉක්මනට බලලා එමු"
කියා සුද්දිගේ අත අල්ලාගෙන ඇළ දෙසට ගියේ සතුටින් ඉපිළ යන සුද්දීගේ සිනහව දැක තමා ද කට කොනකින් සිනා සෙමිනි"
"මේ තියෙන්නෙ අපේ ඇළ.අපේ මී මුත්තන්ගෙ කාලෙ ඉඳල ම අද වෙනකම් මේ අපේ කුඹුරු යායම පීදිලා තියෙන්නෙ මේ ඇළට පින් සිද්ධ වෙන්න තමයි සුද්දි"
කියා සුදු අයියා කීවේ සුද්දිගේ අත අල්ලාගෙන ඇළට බසින ගමන් ය.
එවෙලෙහි ම සුද්දි යමක් දැක බියපත් වෙමින් කෑ ගසන්නට විය.
"අනේ සුදු අයියේ යමු ඉක්මන්ට.අර කලු පූසා.අනේ අපි යමු.එන්නකො.අනේ අයියෝ යමු"
සුද්දි කෑ ගසන්නට වූයේ හොල්මනක් දැක්කාක් මෙන් කලු පූසාව පෙන්වම්නි.
"අයියෝ සුද්දි අනේ ඒ මගෙ පූස් තඩියා.එයා තමයි මගෙ පාලුවට මෙහෙ හිටියෙ එයාගෙ පොඩි කාලෙ ඉඳන් ම."
එහෙම කියද්දි සුද්දිට මතක් වුණේ මීට අවුරුද්දකට කලින් මං බය වුණේ මේ පූසාට තමයි කියල.
"අනේ ඒ ඔයාගෙ ද? මං බය වුණා"
කියමින් සුදු අයියාට තුරුල් වූයේ සුද්දිට එදා සිදු වූ කලු කුමාර සිද්ධිය මතක් වී තමා එදා කලු කුමාරයා යැයි සිතා බය වුණේ සුදු අයියගේ පූසාට නේද යැයි සිතමින් තමා ගැන ම ලැජ්ජාවෙනි.
එවිට ම,,,
" ඣාව්,,,ඣාව්,,,,"
කියමින් සුද්දි දෙස බලා පූස් තඩියා කුස්සියට රිංගුවේ සුද්දිව සමච්චලයට ලක් කරන්නාක් මෙනි.
පසුව සුද්දි සහ සුදු අයියා එකිනෙකා දෙස බලා දෙදෙනා ම එකවර සිනාසුණේ පූසා අපිට බාධා නොකර මාරු වුණා නේද යැයි සිතමිනි.
*****නිමි*****
( HS / 2015 / 0321 )
(පී.කේ.දිනිති හසින්තා)
(සාම්ප්‍රදායික සන්නිවේදනය)

Subscribe to:
Posts (Atom)
ජාතිවාදී පිළිලය
"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...

-
කෙමෙන් කෙමෙන් අඳුර ගලා ආවද ඒ ගැන කිසිදු තැකීමක් නොකොට සුද්දි සහ හාමිනා පාර දිගේ හෙමිහිට පියවර මැන්නේ තම නිවෙස් කරා යාමට ය.මඟ දිගට පාරේ හමු ව...
-
ආදරය කියන වචනෙ ඇතුළෙ ලොකු තේරුමක් තියෙනවා.ඒත් ඒ තේරුම ගොඩක් අය තේරුම් ගන්නෙ වැරදියට.ඒ හින්ද අද ගොඩක් දෙනා ආදරයට වෛර කරනවා. සමහරු ඒ හින්ද ...
-
ප්‍රශ්න වලට විසඳුම් නොසොයා ප්‍රශ්න වලින් පලා ගොස් සොයල්ලෝ ම දිවි හානි කර ගත්තේ නම් අද ලෝකයේ කිසිදු මනුෂ්‍ය රුවක් දැක ගත නොහැකි වනු ඇත.ප්‍රශ්...