Powered By Blogger
Smile is a good reaction to the Dark World.....Keep it up every time....


Friday, June 15, 2018

❤️❤️හිරු මඬලක් වූවා නම් නුඹ❤️❤️

උදා ළා හිරු රැස් පතිත වී,,,
ලොවම නහවමින්,,,
නැඟෙනා හිරු මඬල,,,
ලෝකයක් අවදි කරවයි.

කෙමෙන් කෙමෙන් ඒ හිරු මඬල,,,
ලෝකය අඳුරු කරමින්,,,
බැස ගියද,,,
හිරුගේ ප්‍රාර්ථනය,,,
උදා වෙන අලුත් දිනට,,,
නැවත සපැමිණීම ය.

හිරු මඬල නම් එසේම ය නිති,,,
නමුදු
මා හද ගැබට පෑයූ නුඹ,,,
නොවනු ඇති කිසිදා හිරු මඬලක්..

කිම ද,,,

හිරු මඬලක් වූවා නම් නුඹ,,,
පායනු ඇති නැවත,,,
මා හද ගැබට...
නමුදු,,,
හිරු මඬලක් සේ බැස ගිය නුඹ,,,
පායනු නොමැත කිසිදා,,,
මා හද තුළට...

(2018/06/15)
(දිනිති හසින්තා)





11 comments:

ජාතිවාදී පිළිලය

"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...