Powered By Blogger
Smile is a good reaction to the Dark World.....Keep it up every time....


Monday, June 11, 2018

☘☘චූටි හාමුදුරුවෝ☘☘

අපි එදා පන්සල් යනකොට,,,
චූටි හාමුදුරුවො,,,
පාඩම් කරන ගමන්...
මොනවද කියල ඇහුවම,,,
ලොකු හාමුදුරුවො ගාථාවක්
පාඩම් කරන්න කිව්වලු...

චූටි හාමුදුරුවන්ගෙ අම්මා,තාත්තා නෑලු,,,
ලොකු හාමුදුරුවො විතරලු ඉන්නෙ...
ලොකු හාමුදුරුවො සැරයිලු,,,
ඒත් හරි හොඳයිලු...

සිවුර ඇඳන් ඉන්න අමාරුයිලු,,,
මොකද,,,
චූටි හාමුදුරුවො තව පොඩියිලු...
චූටි හාමුදුරුවො නම් රෑට වළඳනවලු,,,
නැත්තම් චූටි හාමුදුරුවන්ට බඩගිනිලු...

සෙල්ලම් කරන්න යන්නම හිතලු,,,
ඒත් චූටි හාමුදුරුවන්ට,,,
ඒවා අකැපයිලු...
චූටි හාමුදුරුවො අපේ ගෙදර වඩින්න කිව්වම,,
බෑ ලු,,,
ලොකු හාමුදුරුවො පවු ලු...

(දුක හිතුණා ඒකටනම්,,,
මොකද ගොඩක් පොඩියි චූටි හාමුදුරුවො...
චූටි හාමුදුරුවෝ සසර එතෙර වෙයි,,,
ඒත් මේ අපි????
සංසාර ගමනේ තව තවත් දුක් විඳියි,,,
එය යි සැබෑ යථාර්ථය,,,
අපි තේරුම් නොගත්)

(2018/06/11)
(දිනිති හසින්තා)


6 comments:

ජාතිවාදී පිළිලය

"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...