වාඩි වීගෙන
ඔඩොක්කුව උඩ
නින්ද යනකම්
නෙතු මගේ
නැලෙව්වේ මා
නුඹයි අම්මේ
සදා මතකයි
මට මගේ
දුවන විට මා
ගේ පුරා තුළ
සොයනවා නුඹ
රුව මගේ
නොමැති විට මා
පෙනෙන මානෙක
තෙමෙයි කඳුළින්
නෙත ඔබේ
සමාවනු මැන
රිදුම් වුණි නම්
මා නිසා
නුඹෙ හදවතේ
කරනු ඇති මා
කෙළෙහි ගුණ නම්
සදා අමතක
නොවේ අම්මේ.....
(පද රචනය - දිනිති හසින්තා)
(2018/06/28)
Ane eknm lassni dalo😘😘😘
ReplyDeleteThanks dr👍👍😘
DeleteSoooooooi
ReplyDeleteThanks👍
Delete