Powered By Blogger
Smile is a good reaction to the Dark World.....Keep it up every time....


Monday, June 4, 2018

❤️❤️විලාසිතාවකට සම කළ නොහැකි ආභරණය - සිනහව..❤️❤️

විටෙක අරුතක් ඇති,
විටෙක අරුතක් නැති,
අරුත් දහසක නැවතුමකි,,,,
සුන්දර සිනහව...
අයෙක් හදවතින් ම සිනාසෙයි,
අයෙක් කවටකම ට සිනාසෙයි,
අයෙක් දැනුවත් ව සිනාසෙයි,
අයෙක් නොදැනුවත් ව ම සිනාසෙයි,
එය යි මිනිසාට උරුම නොමිලේ දිය හැකි,
එකම වටිනා වස්තුව...
 සිනහවකට පුළුවන් දහසක් හිත් සනසන්න.
සිනහවකට පුළුවන් අයෙක්ට ආදරය දෙන්න.
සිනහවකට පුළුවන් හිතක් කියවන්න.
සිනහවකට පුළුවන් මනුස්සකම පතුරන්න.
එනිසා පතුරුවන්න සිනහව හදවතට එකඟ ව
එයයි ලොව සදාදරණීය පැතුම...
එහෙයින්,,,,
නොදෙනු වියැකී යන්න සිනහව,
රඳනු සැමවිට මුවඟ
සිනහව,
සැමට හිමි වූ සොඳුරු මදහස,
පානු මැන නිති නොවී ලෝබ ව.....

(2018/06/04)
(දිනිති හසින්තා)

11 comments:

ජාතිවාදී පිළිලය

"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...