Powered By Blogger
Smile is a good reaction to the Dark World.....Keep it up every time....


Wednesday, June 6, 2018

❤️❤️සිහින ලොවෙන් ❤️❤️මගේ හිතට නුඹ වඩින්න❤️❤️

සිනා දෙතොල පිය වී යන,,,
සිහින මවන සිතුවිල්ලක,,,
සිහින් සරින් පියවර මැන,,,
හද කුටියට නුඹ වඩින්න,,,
මගෙ හිත සුවපත් කරන්න...
දහසක් දන යන එන තැන,,,
සහසක් සිතුවිලි මුමුණන,,,
නෙත් හී සර මිහිර රැගෙන,,,
හීන් සැරේ මට විඳින්න,,,
හිතට හොරා නුඹ වඩින්න...
දෑත දෑත පටලාගෙන,,,
දෑස දෑස මඟ නොමහැර,,,
කිසිම දිනෙක මිදෙනු නොහෙන,,,
බැඳීමකින් මා වෙලන්න,,,
මගේ හිතට නුඹ වඩින්න...

(2018/06/07)
(දිනිති හසින්තා)

9 comments:

ජාතිවාදී පිළිලය

"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...