Powered By Blogger
Smile is a good reaction to the Dark World.....Keep it up every time....


Monday, June 18, 2018

යශෝධරාවගේ ඉකිබිඳුම....

මා දනී නුඹ හැර ගියේ අප,,,
කෙසේවත් සිතකින් නොවේ,,,
නමුදු සත්‍යයයි නුඹේ පිටවුම,,,
සසර කතරින් එතෙර වීමයි...

හඬන්නට ඇති නුඹේ හදවත,,,
එදින නම් ඒ විරහවෙන්,,,
නමුදු මේ සැම දරාගෙන නුඹ,,,
හැර ගියා හද ශෝකයෙන්...

බිළිඳු කුමරුන් හඬනවා දැන්,,,
පියාණන් සිහි වෙලාවත්දෝ,,,
දැනෙන්නේ රාහුල කුමරුටත් අද,,,
පියාණන් නැති අඩුවදෝ...

ඉවතලූවා රස බොජුන් මම,,,
ඉවතලූවා රන් අබරණ,,,
ඉවතලූවා සියළු කම් සැප,,,
විඳින්නෙමි දැන් ඔබේ ම ලෝකය...

පතන්නේ මා එකම පැතුමයි,,,
ඉෂ්ට වේවා නුඹේ අරමුණ,,,
ලෝක සත්ගේ දුක් නිවීමට,,,
ලැබේවා මඟ නිවන් දැක්මට...

නොවේවා මේ කඳුළු ශාපයක්,,,
වේවා සුබාශිංසනයක්!!!!

(2018/06/19)
(දිනිති හසින්තා)

6 comments:

ජාතිවාදී පිළිලය

"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...